19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 81 ක ජයක් වාර්තා කළා.
මෙම තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 166 ක් රැස්කර ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් තුළදී සියල්ලන්ම දැවී ලකුණු 85 ක් රැස්කර ගත්තා.
මීට පෙර සත්කාරක මැලේසියානු කණ්ඩයාමට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා.