යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඇතැම් කරුණු වලට විරෝධය පල කිරීමේ මාධ්‍ය හමුවක් අද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් කොළඹදී පවත්වනු ලැබුවා .
ඔවුන් එහිදී සදහන් කලේ දෙසැම්බර් මස 12 වනදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි .
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නමින් වර්තමානයේදී වගකීම් විරහිත ප්‍රතිසංස්කරණයක් සිදු වන බව ලංකා ගුරු සංගමය පවසනවා .
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කලේ මෙම ප්‍රතිසංස්කරණය කිසිදු අධ්‍යනයකින් තොරව සිදු කර ඇති බවයි .











