
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දෙහි බාලේ සහ කළු මල්ලි නමැත්තන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී ගිනිඅවියක්, උණ්ඩ, හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 09 ක් සහ ජාවාරමට යොදාගත් යතුරුපැදියක් පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ. පොළීසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා 24 සහ 25 වයස් වල පසුවන නාවිමන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි.














