ඇල්ල, කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රීතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම නිසා එම සංචාරක නිකේතනය ගින්නට හසුව දැවී විනාශයට පත්ව ඇති බවද පොලිසිය කියා සිටියා.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ වන සංරක්ෂන නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.