බ්‍රිතාන්‍ය විදේශ ලේකම් යවට් කූපර් ඊශ්‍රායලයට එරෙහිව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා .
ඔහු පවසන්නේ බ්‍රිතාන්‍යය විසින් පලස්තීන රාජ්‍යභාවය පිළිගැනීමත් සමග බටහිර ඉවුරේ කොටස් ඊශ්‍රායලය තම රටට ඈඳා ගැනීමට කටයුතු නොකළ යුතු බවයි.
එලෙස උත්සාහ කිරීම වළක්වා ගැනීමට තමන් ඊශ්‍රායල අමාත්‍යවරුන්ට අනතුරු ඇඟවූ බවයි එරට විදේශ ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කලේ.
ඇය මේ බව සඳහන් කළේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන පලස්තීනය හා ඊශ්‍රායලය පිලිබඳ සමුළුවට එක්වීමට පෙර මාධ්‍යට අදහස් දක්වමින්.
මෙම සමුළුවට යුරෝපා රටවල් රැසක්ද සහභාගී වීමට නියමිතයි.
එහිදී එම රටවල් ද පලස්තීන රාජ්‍යභාවය පිළිගැනීම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වනවා
කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙය ත්‍රස්තවාදයට විශාල තෑග්ගක් ලබාදීමක් බවයි.