මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදිය යුතු බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026 ජනවාරි 15 වන දිනට පෙර ඉල්ලීමක් කළ විට මෙම සහන ලබා දිය යුතු බවද එම නිවේදනයේ සදහන්.
උණුසුම් පුවත්
- බම්බලපිටියේ බිහිසුණු රිය අනතුරක්
- අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
- ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරිකයින්ට ණය සහන
- අද දවසේ කාලගුණ නිවේදනය
- ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ
- රෙහාන් ජයවික්‍රම සජබයෙන් ඉල්ලා අස්වෙයි
- මෙරටට උපරිමය සහය ලබා දෙන බවට මාලදිවයින් ජනපතිගෙන් ප්‍රකාශයක්
- වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි










