අද රාත්රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා.
ඒ නිට්ටඹුව ශ්රී විජේරාමය විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහ පෙරහර මංග්ය හේතුවෙන්.
පෙරහැර නිසා මාර්ගයේ ඇති වන රථ වාහන අවහිරය මගහැරවීම සදහා නිට්ටඹුව නගරයේ සිට කොළඹ මාර්ගයේ මල්වත්ත හංදිය දක්වා වූ කොටසේත් මල්වත්ත හංදියේ සිට නුවර මාර්ගයේත් තනි මංතීරුවක් දෙකට බෙදා රථ වාහන ධාවනය සිදු කරන බවයි පොලීසිය පැවසුවේ
මෙම මාර්ග භාවිතා කරන රියදුරන් සදහා විකල්ප මාර්ග කිහිපයක්ද හදුන්වා දී තිබෙනවා.
පොලීස් රථවාහන ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නිට්ටඹුව නගරය හරහා ගමන් කිරීමේදී පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.