ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අතරයි.
ආබාධ සහිත වූවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සපයන සේවා තවදුරටත් පුළුල්ව සහ විධිමත්ව සැපයීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
ඒ සඳහා ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහදි මෙහිදී අවධානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ .
ආබාධ සහිත වූවන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර දීමනා ඉහළ නැංවීම, ඔවුන් සවිබල ගැන්වීමට අවශ්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණා.
එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආධාර සැපයීම, ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය සඳහා ආධාර සැපයීම යනාදිය ජනාධිපති අරමුදල හරහා සිදු කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













