ජාත්‍යන්තර මුහුදේදී අමෙරිකා හමුදා විසින් තවත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ යාත්‍රාවකට පහරදී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් සදහන් කළේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් ලෙස හදුනාගත් පිරිසකට මෙලෙස පහර දුන් බවයි.
ජනාධිපතිවරයාගේ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ මෙහෙයුමේදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.
පසුගිය දෙවැනිදා ද වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත යාත්‍රාවකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර එහිදී 11 දෙනෙකු මියගොස් තිබුණා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෙයි විසින් මෑතක එල්ල කළ ප්‍රහාරය හෙළා දැක ඇති බවයි.
එමෙන්ම ඒ සඳහා වන ප්‍රතිප්‍රහාර තියුණු විය හැකි බවට ද වෙනිසියුලානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ














