
මුදල් වංචාවක් සිදුකළ සැකකරුවෙක් මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජර්මන් ජාතිකයෙකු විසින් සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන ලද යුරෝ 91,860ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 25,000,000කට අධික මුදලක් ) වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදීයි.
ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ(05) දින බෙන්තර ප්‍රදේශයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන බෙන්තර ප්‍රදේශයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














