ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.
මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති එම අතිරේක බස් රථ සේවාව ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
මෙම අතිරේක බස් රථ සේවාව ක්‍රියාත්මක වුවද කාලසටහන් මත දෛනිකව අනුරාධපුරය බලා ධාවන වන ලංගම බස් රථ එම කාලසටහන් අනුව ධාවනය කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
කොළඹින් පමණක් අනුරාධපුරය බලා අතිරේක බස් රථ 150ක් පමණ ධාවනයට එක්කර ඇති බවත්,අනුරාධපුර සිට මිහින්තලය දක්වා ද අමතර ලංගම බස්රථ සංඛ්‍යාවක් යෙදවීමට ද කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළා.