Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගී සත්කාර සේවාවන් පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවක්

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගී සත්කාර සේවාවන් පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩල සමග සාකච්ඡාවක්

    2026-01-14කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ප්‍රමුඛතම තෘතීයික සත්කාර සේවා සපයන සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ විශේෂඥයින් උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා ලබාදෙනු ලබන රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවා පිළිබඳ සොයා බැලීමත්, ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු අධ්‍යයනය මෙන්ම පවතින ගැටළු හදුනා ගනිමින් එම ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පසුගියදා රෝහල් කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදි.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම විශේෂ සාකච්ඡාමය අවස්ථාවන් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය, විශේෂඥ වෛද්‍යවරුන් සහ එක් එක් අංශ ප්‍රධානීන් වශයෙන් වෙන් වෙන්ව පැවැත්වීමට ද කටයුතු කෙරිණි.

    මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අදහස් දක්වමින් දිවයිනේ සෑම රෝහලකින්ම ලබාදෙනු ලබන රෝගී සත්කාර සේවාවන් හි වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවත්, පවතින ගැටළු පිළිබඳවත්, එම ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදිම පිළිබඳවත්, අවධානය යොමු කරමින් මෙලෙස කාර්ය මණ්ඩල සමග අඛණ්ඩව සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා බව පැවැසීය.

    ‍ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්භාවයෙන් සැලසුම් සහගතව සිදු කිරිමත්, පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමත් මෙම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

    ඒ අනුවම පැවැති සාකච්ඡාවේ දී රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද හිඟය මෙන්ම අනුමත කාර්ය මණ්ඩල බඳවා ගැනීම, රෝහල් සේවා ඩිජිටල්කරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ප්‍රවාහන පහසුකම්, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, අහාර, ලබාදී ඇති කොන්ත්‍රාත් ආදි රෝහලේ වැදගත් කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු විය.

    මෙහිදී රෝහල් සේවා ඩිජිටල්කරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු විය යුතු බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනට රෝහල සතුව තිබෙන පරිගණක දත්ත පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය, අවශ්‍යතාවයන් සහ යාවත්කාලීන කිරිම් පිළිබඳව සොයා බැලිම සඳහා ඩජිටල් අමාත්‍යාංශයයේ විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට කටයුතු කරන බව ද පැවැසූ අතර, එම කණ්ඩායමේ වාර්තා අනුව ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරිමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    ‍එමෙන්ම රෝහලේ අනුමත කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සිදු කළ හැකි ආකරය පිළිබඳවත්, ඒ අනුව රෝහල් සේවා පවත්වා ගෙන යා හැකි ආකාරය පිළිබඳවත් රෝහල් පාලන අධිකාරිය දැනුවත් කරන ලදි.

    තවද රෝහලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ ලබාගැනීමේ කටයුතු වෙනම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ මාර්ගෝපදේශ සකස් කිරිම මගින් පවතින ගැටළු රැසක් අවම කර ගත හැකි බව මෙහිදී තහවුරු කර ගැනීමට හැකි වූ අතර, ඒ පිළිබඳ සිය අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි. ඊට අදාළව රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩල අදහස්, යෝජනා සහ සැළසුම් කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙන ලදි.

    ඇන්ජියෝග්‍රෑම්, MRI, CT, ස්පිරෝමෙට්‍රි සහ සම්පූර්ණ පරාසයක රසායනාගාර පරීක්ෂණ වැනි අති නවීන රෝග විනිශ්චය පහසුකම් ශ්‍රී ජයවර්ධන රෝහල මගින් ජනතාවට ලබාදෙනු ලබන අතර, උපාධි සහ පශ්චාත් උපාධි වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්‍ර සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද රෝහල ක්‍රියා කරනු ලබන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවත් ශක්තිමක් කිරීමට කටයුතු කෙරෙන බව ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.එම්. ජානක කිත්සිරි ගුණවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය ටී.කේ කළුබෝවිල, අධ්‍යක්ෂ වෛද්‍ය දම්මික අලහප්පෙරුම,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, අංශ ප්‍රධානීන්,විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    පෙර පුව​තවලපනේට වෙවච්චි ආපදා බලන්න ආණ්ඩුකාරවරයා යයි
    ඊළඟ පුව​ත බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group