
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නමන්නේ නොමැති බව ඉරාන ජනාධිපති මසුන් පෙසෙෂ්කියන් පවසනවා. එරට ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් . කිසියම් ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉස්ලාමීය ජනරජය මුලිනුපුටා දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබුනා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සම්බාධක, පීඩන සහ තර්ජන හමුවේ ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධය තවත් වැඩි වන බව අමෙරිකාව අවබෝධ කර ගත යුතු බවයි. එමෙන්ම, ඕනෑම එකඟතාවකට එළඹීමට නම් ඉරාන නෞකා සහ වරායන් මත පනවා ඇති අමෙරිකානු අවහිරය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.














