
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කර තිබෙනවා. අද මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවනු ලැබුවා. කෙසේවෙතත්, ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණේ, 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බැවින් පෙත්සම් විභාගය 501 ශාලාවට මාරු කරන ලෙසයි.














