ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා. මේ සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්, සම්පත් තුයියකොන්තා මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක්ද සභභාගි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලු ආදී ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ වන විවිධ ගැටලු මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කර තිබෙනවා. මේ අනුව සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් මෙහිදී අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- එස්.ටී.එෆ්. නිලධාරීන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට
- සරසවි සිසුවියකට අතවරයක්
- ත්‍රීරෝද රථයක් පෙරලී රියදුරු මරුට
- ගසක අත්තක් වැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට
- විදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි
- අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- මාරක රිය අනතුරින් 34 හැවිරිදි එක්දරු පියෙක් මරුට
- කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්













