2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට(05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට(05) දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය දෙසැම්බර් 9 වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
සිංහල සහ දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් 22 වනදා සහ මුස්ලිම් පාස්ල සඳහා දෙසැම්බර් 26 වනදා අවසන් කෙරුණා.












