ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප ඉහල දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව අවමය සියයට 24 සිට සියයට 50 ක් දක්වා අගයකින් මුලික වැටුප් ඉහළ දැමීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කලේ නිවේදනයක් නිකුත් කරමින් .

රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර 16 ක් සදහා මෙලෙස වැටුප් ඉහල දැමීම සිදු වනු ඇති.

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට වැටුප් ඉහල දැමීමට පියවර ගෙන ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.

WhatsApp Group

Skip to content