2022 වසරේ ඇතිවූ ඉන්ධන අර්බුධය සිතා මතා නිර්මාණය කර ඇති බවට මේ වන විට හෙළි වෙමින් පවතින බව ප්‍රවාහන හා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පවසනවා.

අද දින වී FM සිද්ධමුල්ල කාලීන වැඩසනහට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එම කාල සීමාව තුළ විශාල වශයෙන් ඉන්ධන පර්යන්තයෙන් පිටව ඇති බවයි.
එමෙන්ම ඛනිජ තෙල් ගබඩා පර්යන්තයට අදාළ දත්ත අසාමාන්‍යය ආකාරයෙන් මැකීයාමක් පිළිබඳවද මන්ත්‍රීවරයා හෙළිදරවු කර සිටියා.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් පල කළ ප්‍රවාහන හා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා.

https://www.vnews.lk/storage/2024/05/VOICE-CUT-Nalaka-Kottegoda.mp3?_=1

WhatsApp Group

Skip to content