මැදවච්චිය නගරයට පැමිණි වල් අලියෙකු බස් නැවතුම් පොළට ඉදිරියෙන් පිහිටා ඇති මහජන බැංකුවට කඩාවැදී එහි ප්‍රධාන වීදුරු දොර කඩාදමා බැංකුව තුළට ගොස් එහි සිවිලිමටද හානි කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මහජන බැංකුවේ ගොඩනැගිල්ලට විශාල අලාභයක් සිදුව ඇති බවයි බැංකුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.
කෙසේ වෙතත් බැංකුවේ තිබූ මුදල් ඇතුලු සේප්පුවේ තිබූ රන් භාණ්ඩ ඇතුලු සියල්ල සුරක්ෂිතව ඇති බවත් අප කළ විමසීමකදී එම ප්‍රකාශකයා කියා සිටියේ.
මෙම වල් අලියා බැංකුවට ඇතුලු වී එහි ඇවිඳිමින් සිට ඇති අතර වල් අලියා නැවත බැංකුවෙන් එළියට පැමිණ ඊට ආසන්නයේ පිහිටි විහාරස්ථායකටද කඩා වැදී කෙසෙල් සහ කොස් ආහාරයට ගෙන පන්සල් වත්තටද අලාභ හානි කර තිබෙනවා.
මේ දිනවල දිගින් දිගටම මැදවච්චිය ජනතාව වල් අලින්ගෙන් පීඩා විදිමින් සිටිනවා.
දහස් සංඛ්‍යාත ජනතාවක් දිනපතා ගැවසෙන මැදවච්චිය නගරයේ ජනතාවත් මේවන විට වල් අලි හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එවැනි තත්ත්වයක් හමුවේ එයට විසදුම් පැය 24 ක් ඇතුලත ලබා දෙනවායැයි කියූ බලධාරින් මේවන තුරුත් එයට විසදුම් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.