අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා .
එහිදී තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ .
මෙලෙස තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි අපරාධව පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ එක සැකකරුවෙකු බවත් ලොරි රථයේ රියදුරදුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ .
එම අනතුර දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදුව තිබුනා .
කොළඹ සිට කල්මුණේ අධිකරණය වෙත සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් ලොරි රථයේ සිරවී සිටි රියදුරු පිටතට රැගෙන තිබුණා .
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.













