ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
2022 වසරේදී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇති බවට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා












