බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබෙනවා.
මෙම පොහෝ දිනය සැලකෙන්නේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහෝ දිනයක් ලෙසයි.
ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමි දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුව ඇති බවයි.
ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත බුදුන් වහන්සේට කරුණු පහදා දී කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස භික්‍ෂුණී සාසනය ආරම්භ වී තිබෙනවා.
එහිදී බුදු රාජාණන් වහන්සේ වදාරා ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බවයි.
බුදුන් වහන්සේ පැවසූ පරිදි මහා ප්‍රජාපති ගෝතමී දේවිය එය පිළිගැනීමෙන් පසුව පැවිද්ද ලබාගැනීමට හැකි වූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
එසේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භය සිදුවන්නේද අද වැනි බිනර පොහෝ දිනකදියි.
වස් සමයේ අතරමැදි පොහොය ලෙසින්ද මෙම බිනර පොහොය සලකනු ලබනවා.
ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට බිනර පොහොය වැදගත් වන්නේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදි කිරීමත් බුදු රාජාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් සිදුවීම තුළිනි.
එසේම අදට යෙදී ඇති බිනර පුර පස්ළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙරෙහ විහාරස්ථානවලදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.