පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
මැතිවරණයෙන් කොමිසම විසින් කතානායකවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීකදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.
මුදල් අමාත්‍යංශය මගින් අදාළ මුදල් කොටස් වශයෙන් ලැබෙන ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා.
සෑම දේශපාලන පක්ෂයකම අරමුණ රට නගා සිටුවීම නම් සියල්ලන්ට එක්ව එය සිදු කල නොහැකි ඇයිදැයි ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විමසා සිටිනවා.
දේශපාලනයේදී පක්ෂ , පාටවලට බෙදී කටයුතු කිරීම ගැටළුවක් බවයි වන්නිල ඇත්තන් සදහන් කළේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිලා ඇත්තන් කියා සිටියේ සියලු පාර්ශව එක්ව රටේ ගැටළුවලට විසදුම් සෙවිය යුතු බවයි.