ගුරුවරියක් සිය නිවසේ තිබූ ළිඳකට වැටී ඊයේ දා මියගොස් ඇතැයි වාර්තා වනවා.
අසූ හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
යාපනයේ, කුලපිට්ටි ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අතර මෙම ගුරුවරිය විශ්‍රාම ලැබීමෙන් පසුව බොහෝ කාලයක් ජීවත් වී ඇත්තේ තනිවම බවයි පැවසෙන්නේ.
රාජසුන්දරම් කමලාදේවි නැමති ඇයට ඇස් පෙනීමේ දුර්වලතායක් මෑතක සිට හටගෙන තිබූ බවද පැවසෙනවා.
ඇය සිය නිවස පිටුපස තිබූ ළිදට ඇද වැටී හදිසියේම මියගොස් තිබෙන බවයි යාපනය පොලිසිය කියා සිටියේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.