2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට ආරම්භ වනවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුනා.
එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, පෙරවරු 9:30ට විභාගය ආරම්භ වන අතර විභාගයට පෙනී සිටින සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30ට පැමිණ පෙරවරු 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතු බවයි.
එමෙන්ම විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයන් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුම්දීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.