ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා.
රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 20 වනදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝලයේ රථගාලේදී සිදුව ඇති බව කියන රිය අනතුරක් සම්බන්ධයෙනි.
අදාල අනතුරෙන් වයස අවුරුදු 26ක් සහ 37ක් වන කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස තුවාල ලැබූ එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් කාන්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුව ඇත්තේ රංගන ශිල්පිනිය පැදවූ මෝටර් රථය වෝටර්ස් එජ් රථ ගාලේදී එක්වරම පසුපසට ධාවනය වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටීමෙන් බවටයි වාර්තා වන්නේ.
අනතුරින් කාන්තාවන් දෙදෙනො බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනා හෝටලයේ සේවිකාවන් දෙදෙනෙක් බවත් වාර්තා වනවා.
අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දේපාවලට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවීමෙන් අනතුරව මෝටර් රථය පැදවූ රංගන ශිල්පිනියද හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් 1990 හදිසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබුණා.
රංගන ශිල්පිනිය එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පිනී අයේෂා දිසානායක පසුගිය 23 වනදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇපමත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
මේ අතර අනතුරට ලක්වූ එක් කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 250,000 බැගින් ලබාදීමට රංගන ශිල්පිනිය එකඟවී ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
අදාළ නඩුව ලබන 29 වනදා කොළඹ අලුත්කඩේ අංක 07 අධිකරණයේදී යළි කැඳවීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
#ayeshadissanayake #facebook #tiktok










