හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීන්දු ලබාදීමට පෙර එය යූටියුබ් මගින් හෙළිකරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.
එම පෙරමුණේ හැටන් කාර්යාලයේදී මේ බව පැවසු ඉලංගෝ ගාන්දු මහතා එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට අරන් තියෙනවා. මෙය කනගාටුවට කරුණක්. මේ රට කඩා වැටුණු විට රට ගොඩ ගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා.
එදා මේ රට කඩා වැටුණු වෙලාවේදී මේ රට බාරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒත් එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාරගෙන මේ රට වැටී තිබුණු අගාධයෙන් ගොඩ ගත්තා.
වැරදි කරලා තියෙනවා නම් එයට දඬුවම් දියයුතුයි. ඒත් කොහොමද මේ අතඅඩංගුවට ගැනීම රිමාන්ඩ් කිරීම් අධිකරණ තීන්දුවලට පෙර යූටියුබ්කාරයෙක් කියන්නේ. මේ යූටියුබ්කාරයා කියනවා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නාව ඔහු අධිකරණයට ඉදිරිපත් කරනවා රිමාන්ඩ් කරනවා එහෙම නොවුණොත් මම යූ ටියුබ් එක වහනවා කියලා.
මොහු කවුද එයාගේ යූ ටියුබ් එක වහන්න කියන්න. මොහු මේ එහෙන් මෙහෙන් හිඟාකන අයෙක්. එසේම අධිකරණයට පෙර එය නිසි ලෙස පවසන්නේ මෙම පරීක්ෂණ මෙහෙයවන අය මොහු සමග යම් සම්බන්ධයෙක් තියෙනවද කියන එකත් සැකයක් පවතිනවා.
එසේම මෙවැනි දේ වැරදි පූර්වාදර්ශයක්. මෙවැනි ක්‍රියාවලින් අධිකරණය පිළිබඳවත් ජනතාව තුළ යම් සැකයක් පවතින්න පුළුවන්.
එම නිසා මෙම අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව එයට පෙර පැවසූ යූ ටියුබ්කරු පිළිබඳ නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
ඔහුට මේ පිළිබඳව යම් අයකු හෝ යම් පිරිසක් මෙම තොරතුරු ලබා දෙන්නේද යන්න පිළිබඳවත් සොයා බැලීමට පියවර ගත යුතුයි.