
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෲර ලෙසස ැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද(08) ආරම්භ කෙරුණා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත ඔහු ඊයේ(07) රෝහල් ගත කෙරුණා.
මේ අතර අඛණ්ඩ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානය සුරේෂ් සලේ මහතාගේ මවද පැමිණ තිබෙනවා.














