ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද දින සිදු කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇති.
ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ද මෙම අවස්ථාවේදී පත් කරන ලදී. එම සාමාජිකයින් ලෙස,සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරිය වන්නේද ඇයයි.
ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා බාස්කට්බෝල් ක්‍රීඩිකාවක්ද වනවා.