
බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.














