නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473ක් පමණ වටිනා විදේශීය දුම්වැටි මිලියන 3.1ක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කලා.
ඒ මුතුරාජවෙල, ආයෝජන කලාපයේ පිහිටි අපද්‍රව්‍ය මගින් විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය තුළදී.
මෙම දුම්වැටි මිලියන 3.1ක විනාශ කිරීම රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේයි සිදුවුණේ.
ශ්‍රී ලංකා රේගුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන රේගු නිලධාරීන් විසින් මෙම වසරේ මුල් මාස තුන තුළදී අත්අඩංගුවට ගත් දුම්වැටියි මෙලෙස විනාශ කරනු ලැබූවේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා කියා සිටියේ, මෙම දුම්වැටි තොගය යම්කිසි හෙයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් මිලියන 1419කට අධික තීරු බදු මුදලක් අහිමි වන බවයි.