නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1300කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ යාපනය, පුනරීන් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවයි.
එහිදී නීති විරෝධීව මෙරට ගෙන්වීමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1316ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත පුනරීන් කල්මුනෙයි තුඩුව නාවික අනුඛණ්ඩය මගින් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් ආශ්‍රීව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.
එහිදී වෙරළ තීරයේ තිබූ සැකකටයුතු උර 15ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එම උරවල තිබී මෙම බීඩි කොළ තොගය සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව පවසන්නේ සෝදිසි මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය අතහැර දමා යන්නට ඇති බවට සැක කරන බවයි.
නාවික හමුදා භාරයට ගත් බීඩි කොළf තාගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.