ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇති.
අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- දුම්රිය නියාමක සංගමයෙන් දැනුම්දීමක්
- ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී
- මත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට
- පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
- මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ
- බ්‍රසීලයේ බිහිසුණු බස් රථ අනතුරකින් 15 දෙනෙකු මරුට