ආපදාවෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදීමට හැකි බව නිවාස ඉදිකිරීම් සහජල සම්පාදන අමාත්‍යංශය පවසනවා.
ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වාදී තිබෙනවා.
070 7851302 සහ 0707851303 යන දුරකතන අංක ඇමතීමෙන් ජනතාවට ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.
රට තුළ පැවති ආපදා තත්ත්වය තුළ හානි වූ නිවාස යළි ඉදිකිරීම් සඳහා කඩිනම් වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෛනවා.
ඊට සමගාමීව නිවාස ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා නිවාස ඉදිකිරීම් ජල සම්පාදන අමාත්‍යාංශ මහ ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීම් මෙන්ම නිවාස සැළසුම් තාක්ෂණ සහාය සේවා සහාය මෙන්ම අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති පාර්ශ්වයන්ට ඒ සඳහා දායක විය හැකියි.













