
හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.














