හංවැල්ල, පහත්ගම, තුන්නාන ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීම සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙක් ඉලක්කර කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ තුන්නාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
දැනට ඩුබායිහි හි සිටින ලලිත් කන්නන්ගරගේ සමීපතමයකු බව කියන ඉරේෂ් නමැත්තෙකුගේ පියාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා මීගොඩ ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් ලලිත් කන්නන්ගර නමැත්තාට චෝදනා එල්ල වනවා.