සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබු සහ නොලැබූ අයගේ තොරතුරු යාවත්කලීන කිරීම ලබන 10 වනදා ආරම්භ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඉදිරි වසරේ සුබසාධක ප්‍රතිලාභ සඳහා නැවත තොරතුරු යතාවත් කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සදහන් කළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.











