2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කලා.
ඒ අනුව, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ දොළොස්දහස් පන්සිය හැත්තෑහතරකට එලෙස ප්‍රතිලාභී දීමනාව හිමිවන බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ.