අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
මාර්තු මස 02 වනදා බස්නාහි පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි වයස අවුරුදු 28 සහ 42 ක් වන පන්නිපිටිය හා හෙට්ටිපොළ යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු වැඩිදු විමර්ශන සඳහා දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණා.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොවුන් හෝමාගම, කොට්ටාව, මහරගම හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වෙළෙඳ සැල් බිඳ මුදල් හා දේපොල සොරකම් කිරීමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බවට අනාවරණ වී තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ(08) දින උදෑසන කාලයේ හෝමාගමදී ඉහත අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 300ක් සමග විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 21ක් පමණ වන දෙල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු විසින් සොරකම් කරන ලද පරිගණක, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ, වාහන බැටරි සහ වාහන අමරත කොටස් ගැලවීම සඳහා භාවිතා කරනු ලබන යතුරු කට්ටලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද(09) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














