පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයන් පවසනවා.
සම්බා කිලෝවක් රුපියල් 240 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි ව්‍යාපාරිකයෝ සඳහන් කරන්නේ.
එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ද ඔවුන් සඳහන් කර ඇත්තේ.