මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32නෙකු බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඔවුන්ව ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කලේ.
ශ්‍රී ලංකා රජය , සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණය වෙමින් අදාළ සිරකරුවන් යලි මෙරටට ගෙන්වා ගැනීම සදහා කටයුතු කරමින් පවතිනවා.
විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ තායිලන්තය – මියන්මාර ශ්‍රී ලංකා තානාපතිවරුන් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර ඇති බවයි වාර්තා වන්නේ.