විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කිරීමත් සමගින් පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පිටියට පිවිසියා.
ඒ අනුව වේගවත් පිතිහරඹයක නියැලුණු ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු සංජු සැම්සන් පන්දු 46කදී හයේ පහර අටක් සහ හතරේ පහට පහක් සමගින් ලකුණු 89ක් ලබාගැනීමට සමත් වූවා.
එසේම ඉෂන් කිසන් ලකුණු 54ක්ද අබිසේක් ශර්මා ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වූවා.
ශිවම් ඩුබේ නොදැවී ලකුණු 26ක් ලබාගත් අතර හර්දික් පාන්ඩ්යාට ලබාගත හැකි වූයේ ලකුණු 18ක් පමණයි.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් නීෂම් කඩුලු තුනක් දවාගැනීමට සමත් වූවා.
එසේම මැට් හෙන්රි එක් කඩුල්ලක්ද රචින් රවීන්ද්‍ර එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20කදී ලකුණු 256ක් ලබාගත යුතු වනවා.
තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහ්මදාබාද්හිදීයි.














