ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයින් ලෙස සදහන් කළ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පසුගිය 20 වන දා ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.













