ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(02) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කපිල චන්ද්‍රසේන මහතා, එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුට ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.
ඒ අනුව කපිල චන්ද්‍රසේන අප්‍රේල් 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.














