ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට තිදෙනෙකු තරග වදින අතර, හිටපු මලල ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන සුනිල් ගුණවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි සහ වත්මන් මලල ක්‍රීඩා උප සභාපති ප්‍රසන්න ඉන්දික යන මහත්වරුන් ඒ අනුව, මෙම තරගයට ඉදිරිපත්ව සිටිනවා.
ඊට අදාළ නාම යෝජනා භාරගැනීම පසුගිය ජූලි මස 22 වනදා සිට 29 වන දා දක්වා සිදුකරනු ලැබුවා.
හෙට පැවැත්වෙන මලල ක්‍රීඩා නිලවරණයේදී ලේකම් ධුර ඇතුලු අනෙකුත් තනතුරු සඳහා ද නියෝජිතයින් පත්කරගැනීමටද නියමිතව තිබෙනවා.