ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 139කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ පළමු 3 ලකුණු 11ක් තුළදී දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා පන්දු යවනන් ප්‍රබල ස්ථානයක පසු වූවා.
පළමු කඩුල්ල ලෙස ටන්සිඩ් හසන සහ පර්වෙස් හොස්සෙයින් දෙවන කඩුල්ල ලෙසත් දවා ගත්තේ කිසිදු ලකුණක් ලබාගැනීමට ඉඩක් නොදෙමින්.
නායක ලිට්ටොන් දාස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුනු 28ක් පමණයි.
නොදැවී පන්දුවට පහර දුන් ජාකර් අලි ලකුණු 41ක්ද සමිම් හොස්සෙයින් ලකුණු 42ක්ද ලබා සිටියා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග කඩුලු දෙකක්ද නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.