අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටින එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් අද(11) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්ති ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සහභාගි වූ එක්දින තරග පහෙන් තරග තුනක් ජයගෙන තිබෙනවා.
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සහභාගි වූ තරග පහෙන් දෙකක් ජයගෙන තිබෙනවා.
මේ අතර ලෝක කුසලාන එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ තරග තුනකට සහභාගි වෙමින් තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු 5ක් ලබාගනිමිනි.
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
දෙවන ස්ථානයේ පසුවන්නේ තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.
ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෙවන ස්ථානයේත් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසුවනවා.
නවසීලන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පස්වන ස්ථානයේත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හය වන ස්ථානයේත් පසුවනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකදී එක් තරගයක් පරාජයට පත්වී එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම හේතුවෙන් එක් ප්‍රසාද ලකුණක් ලබාගෙන හත්වන ස්ථානයේ පසුවනවා.
සහභාගි වූ තරග තුනෙන් පරාජයට පත්ව සිටින පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුවන්නේ අටවන ස්ථානයේයි.













