ශ්රී ලංකාවේ උද්ධමන තත්වය යළිත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වී තිබෙනවා.
මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසය තුළදි 50.6%ක් දක්වා අඩු වී ඇති බව සදහන්.
පසුගිය මාසයේදී එම අගය සටහන් වුණේ 54.2%ක් ලෙසයි.
මේ අතර ආහාර උද්දමනය ද 54.4% කින් අඩු වී තිබෙනවා.
එය 2023 ජනවාරි මාසයේ දී සටහන් වුණේ 60% ක් ලෙසටයි.
කෙසේ වෙතත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ වාර්තා වූ 47.9% යේ අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී 48.8% දක්වා සු`ඵ වශයෙන් වර්ධනය වී ඇති බව ද සදහන්.