Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට ලකුණු 132ක විශිෂ්ඨ ජයක් – තරගාවලියත් සමවෙයි

    ශ්‍රී ලංකාවට ලකුණු 132ක විශිෂ්ඨ ජයක් – තරගාවලියත් සමවෙයි

    2023-06-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(04) සමත් වූවා.

    ඒ සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 323ක හඹා යාමේදී ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දුවාර 42.1කදී ලකුණු 191කට දවා ගැනීමත් සමගිනි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 75කදී ලකුණු 78ක් ලබාගැනීමට සමත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින්.

    මේ අතර දිමුත් කරුණාරත්න පන්දු 62කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 52ක් ලබාගැනීමට සමත් වූවා.

    සධීර සමරවික්‍රම ලකුණු 44ක්ද පැතුම් නිස්සංක ලකුණු 43ක්ද ලබාගැනීමට සමත් වූවා.

    නායක දසුන් ශානකට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 23ක් පමණි.

    චරිත් අසලංක ලකුණු 6කට දැවී ගියා.

    මේ අතර නොදැවී පන්දුවට පහර දුන් ධනංජය ද සිල්වා ලකුණු 29ක් ලබාගත් අතර ඊට හයේ පහක් සහ හතරේ පහරක් අන්තර්ගත වූවා.

    වනිඳු හසරංග හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් පන්දු 12කදී ලකුණු 29ක් ලබා ගත්තේ දැඩි ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින්.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad සහ Mohammad Nabi කඩුලු දෙක බැගින් දවා ගත් අතර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට Mujeeb Ur Rahman සහ Noor Ahmad සමත් වූවා.

    ලකුණු 324ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇෆ්ගනිස්ථානු පිතිකරුවන්ට පන්දුවාර 42.1ක් අවසානයේ සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191ක් පමණි.

    එහිදී Ibrahim Zadran ලකුණු 54ක්ද නායක Hashmatullah Shahidi ලකුණු 57ක්ද ලබාගැනීමට සමත් වූවා.

    Ramat Shah ලකුණු 36ක්ද Azmatullah Omarzai ලකුණු 28ක්ද ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණෙ ්නෑ.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූවා.

    දුෂ්මන්ත චමීර කඩුලු දෙකක්ද මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

    තරගයේ වීරයා ලෙසින් සම්මාන හිමිකර ගත්තේ ධනංජය ද සිල්වායි.

    අද පැවැති තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමගින් තරගාවලිය 1ට 1ක් ලෙසින් දෙපිලම සම තත්ත්වයේ පසුවනවා.

    තරගය සූරියවැය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

    icc cricket sl vs afg sri lanka vs afganistan
    පෙර පුව​තමන්ත්‍රී – පොලිස් ගැටුම ගැන ඇමැති ටිරාන් වාර්තාවක් ඉල්ලයි
    ඊළඟ පුව​ත ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන්න

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group