රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා.
එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම නිලවරණය ඊයේ පවත්වා තිබෙනවා.
එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව ඇත්තේ.